September 10, 2024

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෑත සැසිවාරයේදී චීනය විසින් පැසසුමට ලක් කර තිබේ.

සාක්ෂි එකතු කිරීම සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා සිටීමේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ චීන නියෝජිතවරිය විවේචනය කළේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් සහ ජයග්‍රහණ එමගින් නොසළකා හරින බවට තර්ක කරමිනි.

ශ්‍රී ලංකාව විසින් සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව පිහිටුවීම, මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහයෝගිතාව, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම, ආර්ථික ප්‍රතිසාධන මුලපිරීම් සහ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කාර්යාලයේ ඇමැති උපදේශක Li Xiaomei ඉස්මතු කළාය.

“මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය චීනය අගය කරනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම, ආර්ථික ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීම, ජාතික ස්වාධීනත්වය සාක්ෂාත් කර ගැනීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට චීනය ලබාදෙන ස්ථිර සහයෝගය ඇය යළිත් තහවුරු කළාය.

මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණයට විරුද්ධ වෙමින් සංවාදයෙන් සහ සහයෝගීතාවයෙන් මානව හිමිකම් වෙනස්කම් ආමන්ත්‍රණය කිරීම සඳහා චීනයේ උපදේශනය ලී අවධාරණය කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව මගින් සාක්ෂි එකතු කිරීමේ සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා සිටීම මගින් ශ්‍රී ලංකාවේ උත්සාහයන් සහ ජයග්‍රහණ, එහි ජනතාවගේ කැමැත්ත නොසළ කා හරින බවත්, මානව හිමිකම් මුවාවෙන් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවටත් ඇය තර්ක කළාය.

“මෙය මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමේ සාමාන්‍ය අවස්ථාවක්,” යනුවෙන් ලී සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ස්වාධීනව තෝරාගත් මානව හිමිකම් සංවර්ධන මාවතට ගරු කරන ලෙසත්, ඇඟිලි ගැසීම් සහ දේශපාලන බලපෑම් කිරීමේ පුරුදු අත්හැර දමා සංවාදයට සහ සහයෝගීතාවට නැවත පැමිණෙන ලෙසත් ඇය අනෙකුත් රටවලින් ඉල්ලා සිටියාය.