Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය තවමත් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාගැනීමට උනන්දු වන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.
අද (ජනවාරි 09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඇමැති අමරවීර පැවසුවේ, පසුගියදා සිය චීන සංචාරයේ දී පෞද්ගලික සත්වෝද්‍යාන සමාගම් ශ්‍රී ලංකාවේ ටෝක් මැකේක් රිලවුන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බව දැනුම්දුන් බවයි.
“පෞද්ගලික චීන සත්වෝද්‍යාන සමාගම් තවමත් ශ්‍රී ලංකාවේ රිලවුන් ප්‍රදර්ශන කටයුතු සඳහා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන 20,000ක් පමණ තිබෙනවා. නමුත් සත්ත්ව ක්‍රියාකාරීන්ගේ සහ සංවිධානවල ක්‍රියාකලාපය නිසා අපට ඉදිරියට යාමට නොහැකි වී තිබෙනවා.” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට අපනයනය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවද ඇමතිවරයා සිහිපත් කරයි.
වසරකට පොල් මිලියන 700කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කිරීම ඇතුළුව, වගාවන් විනාශ කිරීමට වඳුරන් ප්‍රධාන හේතුවක් බව අවධාරණය කළ ඇමැති අමරවීර, වගා විනාශයට විසඳුම් සෙවීම සඳහා විකල්ප ක්‍රම පිළිබඳව රජයට දැන් සොයාබැලීමට සිදුවනු ඇතැයිද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart