Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව චීනය සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හයෙන් පහක් චීන ජනමාධ්‍ය ආයතන සම්බන්ධ බවට කරන ලද නිවේදනය රටේ මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව පුළුල් කනස්සල්ලක් ඇති කර තිබේ. එය ජනමාධ්‍ය නිදහස කප්පාදු කිරීමේ පියවරක් ලෙස විවේචනයට ලක්වෙමින් පවතී. රාජ්‍ය ජනමාධ්‍ය වඩාත් ස්වාධීන හා වගවීමක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ඉල්ලා සිටින අවස්ථාවක, මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය චීනයේ කුප්‍රකට මාධ්‍ය ආකෘතියට සමීප කරන බව පෙනේ.
සම්පූර්ණයෙන්ම රාජ්‍යය විසින් පාලනය කරනු ලබන චීනයේ මාධ්‍ය පරිසරය, විනිවිදභාවය නොමැතිකම සහ විරුද්ධ මත මර්දනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) තොරතුරු පරිසර පද්ධතියක් ගොඩනඟා ඇති අතර එහිදී මාධ්‍ය රජය සඳහා හොරණෑවක් ලෙස සේවය කරන අතර ස්වාධීන වාර්තාකරණය සඳහා ඉඩක් නොමැත. මෙහිදී මාධ්‍ය භාවිතාවන්හිදී සෝදිසි කිරීම, වාරණය සහ තොරතුරු ක්‍රමානුකූලව පෙරීම නිරන්තරයෙන් සිදුවෙන ක්‍රියාවන් වේ. 2023 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 න් 179 වන ස්ථානයේ චීනයේ පසුවෙන අතර එය මාධ්‍ය නිදහස කෙතරම් පහත් මට්ටමක පවතිනවාදැයි මනාවට පිලිබිබු කරයි.
චීනය සමඟ මාධ්‍ය ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකාව ගත් තීරණය, මාධ්‍ය පාලනයේ මෙම ඒකාධිපති ආකෘතිය අනුකරණය කිරීමට උත්සාහ කරන බවට කනස්සල්ලක් ඉස්මතු කරයි. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ දැනටමත් බිඳෙනසුලු මාධ්‍ය නිදහසේ තත්ත්වය තවදුරටත් අඩපණ කළ හැකි බවට විචාරකයින් තර්ක කරයි. 2024 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය ශ්‍රී ලංකාව 150 වන ස්ථානයේ ශ්‍රේණිගත කර ඇති අතර එය පෙර වසරට වඩා ස්ථාන 15 කින් පහත වැටීමකි. තර්ජන සිදූ කිරීම් , හිරිහැර කිරීම් සහ තීරණාත්මක තොරතුරු වෙත ප්‍රවේශ වීම සීමා කිරීම ඇතුළු ක්‍රියාවන් නිසා මෙම තියුණු පහත වැටීම ජනමාධ්‍යවේදීන් මුහුණදෙන අභියෝග මනාවට පිළිබිඹු කරයි.
මාධ්‍ය නිදහස මැඩපැවැත්වීමේදී රජයේ කාර්යභාරය
වත්මන් රජය ජනමාධ්‍ය හැසිරවීම සම්බන්ධව ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ කණ්ඩායම් සහ ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇත. අමාත්‍යවරුන් සහ ප්‍රධාන රජයේ නිලධාරීන් බොහෝවිට ජනමාධ්‍ය සමඟ සම්බන්ධ වීම හෝ තීරණාත්මක තොරතුරු වෙත ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලබන අතර, මෙලෙස විනිවිදභාවයකින් තොරවීම මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සෘජුවම බාධා ඇතිකරන අතර පුරවැසියන්ට පෙරීමට ලක් නොවූ සහ අපක්ෂපාතී තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අවස්ථාව මේ නිසා ප්‍රතික්ෂේප වීමකට ලක් වේ. ප්රජාතන්ත්රවාදයේ කුළුණක් ලෙස සැලකෙන මාධ්‍ය කලාව තුල සමෘද්ධිමත් පරිසරයක් පෝෂණය කිරීම වෙනුවට, රජය වෙනම ආකාරයක මාධ්‍ය ප්‍රවේශයක් මත විශ්වාසය තබා ඇති අතර, එහිදී තොරතුරු ප්‍රචාරය කිරීමට පෙර තෝරා බේරා පෙරහන් කිරීමකට ලක් කරනු ලැබේ.
නිදසුනක් වශයෙන්, මාධ්‍ය සාකච්ඡා සහ නිල සන්නිවේදනයන් සිදු කරන අවස්තාවන් සංකීර්න ප්‍රශ්න වළක්වා ගැනීම සඳහා ප්‍රවේශම් සහගතව සංවිධානය කිරීම සිදු කරනු ලැබේ. විමර්ශන හෝ විවේචනාත්මක ප්‍රශ්න ඇසීමට උත්සාහ කරන මාධ්‍යවේදීන් බොහෝ විට රජයේ සිදුවීම් වලින් පසෙකට දමනු ලැබීම හෝ යම් වාරණයන්ට ලක් කරනු ලැබේ. මෙය බිය උපදවන බලපෑමක් ඇති කරනු ලබන අතර මෙය විමර්ශනාත්මක මාධ්‍යවේදය අධෛර්යමත් කිරීම සහ මාධ්‍ය වෘත්තිකයන් අතර ස්වයං වාරණයක් පෝෂණය කරනු ලබයි.
රාජ්‍ය පාලිත මාධ්‍යකරණයට මාරුවීම
චීන මාධ්‍ය ආයතන සමඟ හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය දැනටමත් මාධ්‍ය ප්රචාරක යන්ත්රනයක් බවට පත්කිරීම සදහා අත්හදා බලමින් සිටින ප්රවේශයන් පෙනීයන අතර එය විධිමත් කරන බවක්ද දක්නට ඇත. අපක්ෂපාතී සහ පුළුල් ආවරණයක් ලබා දීමෙන් මහජනතාවට ඉතා මැනවින් සේවය කළ යුතු රාජ්‍ය මාධ්‍ය ආයතන, විරුද්ධ මත නොසලකා හරිමින් රජයේ ආඛ්‍යාන ප්‍රවර්ධනය කිරීමට නිතර භාවිතා කරන ආකාරයක් දක්නට ලැබේ. විපක්ෂ අදහස්, ප්‍රතිපත්ති, අසාර්ථකත්වයන් පිළිබඳ විවේචන සහ දැවෙන ජාතික ගැටළු ආවරණය කිරීම අවම කර හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
ප්‍රධාන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජයට ඇති නොහැකියාව සැලකිල්ලට ගෙන මෙය විශේෂයෙන් ක්‍රියාත්මක වේ. ප්‍රතිසංස්කරණ සහ විනිවිදභාවය පිළිබඳ වේදිකාවක් මත බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ කරගත් NPP රජය, ආර්ථික අස්ථාවරත්වය, දූෂණය සහ පාලන ගැටළු විසඳීමට අසමත් වීම සම්බන්ධයෙන් මහජන කලකිරීමට වැඩි වැඩියෙන් මුහුණ දී තිබේ. ඒ අනුව මාධ්‍ය මැඩපැවැත්වීම හරහා , රජය පරීක්ෂාවට ලක් කිරීම සහ මහජන වගවීමෙන් ආරක්ෂා වීමට උත්සාහ කරන බව පෙනේ.
මාධ්‍ය මර්දනයේ පිරිවැය
චීනයේ රාජ්යපාලිත මාධ්‍ය ආකෘතිය සමඟ පෙළගැසීමෙන්, ශ්‍රී ලංකාව තම මාධ්‍යවේදීන් සහ පුරවැසියන් තවදුරටත් ඈත් කිරීමේ අවදානමක් ඇත. නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් ප්රජාතන්ත්රවාදයට ඉතා වැදගත් වන අතර, බලයේ සිටින අය වගවීමට මුරකරුවෙකු ලෙස සේවය කරයි. විශ්වසනීය තොරතුරු වෙත ප්‍රවේශය නොමැතිව, පුරවැසියන්ට දැනුවත්භාවයෙන් තීරණ ගැනීමට නොහැකි වන අතර, ආයතන කෙරෙහි මහජන විශ්වාසයද මෙමගින් ඛාදනය වේ.
චීන මාධ්‍ය ආයතන සමඟ ඇති ගිවිසුම් පැහැදිලි පණිවිඩයක් ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලංකා රජය විනිවිදභාවය සහ වගවීම සහතික කිරීමට වඩා තොරතුරු ගලායාම පාලනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනු ලබන බව පැහැදිලි වේ. මෙය ප්රජාතන්ත්රවාදයේ මූලික මූලධර්මවලට වල කපන සහ ශ්‍රී ලංකාව තවදුරටත් ඒකාධිපතිවාදයට තල්ලු කිරීමට තර්ජනය කරන භයානක පූර්වාදර්ශයකි.
විනිවිදභාවය සහ ප්‍රතිසංස්කරණ සඳහා කැඳවීම
ශ්‍රී ලංකාවේ නායකයින් මෙම ගිවිසුම්වල ඇඟවුම් නැවත සලකා බලා මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය. චීනයේ සීමිත මාධ්‍ය භාවිතයන් අනුකරණය කිරීම වෙනුවට, මාධ්‍යවේදීන්ට පළිගැනීමේ බියෙන් තොරව වාර්තා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය. රාජ්‍ය මාධ්‍ය ස්වාධීනව ක්‍රියාත්මක වන බව සහතික කිරීම, මාධ්‍යවේදීන්ට රජයේ නිලධාරීන් වෙත ප්‍රවේශය ලබා දීම සහ මාධ්‍ය සාකච්ච්වන්හිදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කරනු ලබන පුළුල් අභියෝගවලට රජයක් වශයෙන් මුහුණ දීම ද මෙයට ඇතුළත් වේ.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යක් තුල, මාධ්‍යයේ කාර්යභාරය වන්නේ පුරවැසියන් අතරේ තොරතුරු බෙදාදීම , දැනුවත් කිරීම සහ බලගැන්වීමයි. මාධ්‍යවේදීන් නිහඬ කිරීමෙන් සහ ආඛ්‍යානයන් පාලනය කිරීමෙන්, ශ්‍රී ලංකා රජය මාධ්‍ය පමණක් නොව මාධ්‍ය විසින් සේවය ලබාදෙන ජනතාව ද අසාර්ථක කරනු ලබයි. රට ඉදිරියට යාමට නම් ක්‍රියාකාරී ප්රජාතන්ත්රවාදයක් සඳහා අත්‍යවශ්‍ය වටිනාකම් වන මාධ්‍ය නිදහස, විනිවිදභාවය සහ විවෘත සංවාදයන්ට කැපවිය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart