Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කර ඇත්තේ, චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) හමු වූ අවස්ථාවේදීය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මෙහිදී සඳහන් කර ඇත.
එසේම මෙරට ආපදා තත්ත්වයන්වලදී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳවත් ස්තුතිය පළකර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉදිරියටත් චීනයේ සහාය අවශ්‍ය බවද පෙන්වාදී තිබේ.
අතරමඟ නතර වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව මෙහිදී පෙන්වාදී ඇති ජනාධිපතිවරයා, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.
අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද උප සභාපතිනිය සඳහන් කර තිබේ.
කෙසේවෙතත් චීනය විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකරන සමුද්‍රීය පර්යේෂණ කටයුතු පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවේ.
ඒ සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමිනි.
මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි සමුද්‍රීය පර්යේෂණ නෞකා කිහිපයකටද ඉන්දියාව දැඩි විරෝධයක් පළකළේය.
මීට අමතරව, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවද, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ කමිටු සාමාජික මා යුෂියැංග් (Ma Youxiang) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart