February 23, 2025

චීන ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම භාර අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් පෙබරවාරි 19 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

අමාත්‍ය පෑන් යූගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිස පසුගිය සිකුරාදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි හමුවිය.

බුද්ධ ශාසන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම හමුව සිදු වූ අතර දෙරට අතර සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලදී.

සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස ශිෂ්‍ය හුවමාරු කිරීමේ හැකියාව පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ.

චීනයේ සංස්කෘතික අධ්‍යයන සංචාරයක් සඳහා අමාත්‍ය පෑන් අමාත්‍ය සුනිල් සෙනෙවිට ආරාධනා කළේය.