April 26, 2024

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය, ඒ සඳහා අභිලාෂයන් ඉදිරිපත් කර ඇති, තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt.) Ltd සහ Airports of Regions Management Company of Russia හෝ එයට අනුබද්ධ ව්‍යවසායකත්වය විසින් මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශ අනුව මත්තල ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා තෝරා ගත් ඉන්දීය සහ රුසියානු සමාගම්වලට කැබිනට් මණ්ඩල තීරණයට අනුව පැවරෙනු ඇත.

රජයට අනුව, මත්තල ගුවන් තොටුපළේ පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අපේක්ෂාවන් කැඳවීමට 2023 ජනවාරි මස පැවති ඔවුන්ගේ රැස්වීමේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

අභිලාෂයන් කැඳවීමෙන් පසු ආයතන 05ක් සිය අභිලාෂයන් ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

42.31%
17.27%
32.76%