Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක හිස් කන්ටේනරයක සැඟවී මැලේසියාවට පැනයෑමට උත්සාහ කළ ශ්රී ලාංකිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වසරකට පසු චීනයෙන් පිටුවහල් කර තිබේ.
මෙලෙස චීනයෙන් පිටුවහල් කළ පුද්ගලයන් දෙදෙනා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ඔවුන් 26 සහ 39 හැවිරිදි පුද්ගලයන් වේ.
2023 ජනවාරි 30 වැනිදා කොළඹ වරායේ CICT ජැටියේ නැංගුරම් ලා තිබූ ‘MV Merks Unicorn’ නෞකාවේ පටවා තිබූ හිස් කන්ටේනරයකට රහසේ ගොඩවී ඔවුන් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත.
නෞකාව මැලේසියාවට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාට රටට ඇතුළුවීමට අවසර ලබාදීම මැලේසියානු රජය ප්රතික්ෂේප කර තිබේ.
මේ අනුව, නෞකාවේ නිලධාරීන් ඔවුන්ව තවත් රටවල් ගණනාවකට රැගෙන යෑමෙන්, පසු අවසානයේ චීනයට ළඟාවී ඇති අතර, එහිදී චීන බලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පිටුවහල් කරන ලද පුද්ගලයන් දෙදෙනා චීනයේ ෂැංහයි සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-867 දරන ගුවන් යානයෙන් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.
ඔවුන් කටුනායකට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා ජාවාරම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කිරුළපන ප්රදේශයේ පිහිටි ප්රධාන කාර්යාලය වෙත රැගෙනවිත් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart