May 14, 2024

ශ්‍රී ලංකාවේ ‘චිකිබිල්ලා’ නමැති සත්වයෙක් හමුවී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව AFP පුවත් සේවය වාර්තා කර ඇත.

AFP පුවත් සේවයට අනුව, ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක නිලධාරියකු පවසා ඇත්තේ, ‘චිකිබිල්ලා’ වැනි සත්ත්වයකු පිළිබඳ කිසිදු දර්ශනයක් වාර්තා වී නොමැත.

එබැවින්, වඳ වී ගොස් ඇතැයි ප්‍රකාශ කර ඇති ඩයිනොසෝරයකු වැනි සත්වයා එම වනොද්යානයෙන් නැවත මතු වූ බවට සමාජ මාධ්‍යවල පළකෙරෙන වාර්තා අසත්‍ය බව AFP පෙන්වා දෙයි.

වනජීවී විශේෂඥයන් ද AFP පුවත් සේවයට පවසා ඇත්තේ, එවැනි ජීවියෙකු නොමැති බවයි.

අදාළ පින්තූර පරිගණක ඔස්සේ සකස් කර ඇති බවද ඔවුහු පෙන්වාදෙති.

“වඳ වී ගොස් ඇතැයි සිතූ ‘චිකිබිල්ලා’ වසර 103 කට පසු යාල ජාතික වනෝද්‍යානයෙන් සොයාගෙන ඇත” යනුවෙන් 2024 මාර්තු 24 වන දින ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ඡායාරූප කිහිපයක් සංසරණය විය.

එම පින්තූරවල පෙනෙන්නේ අඳුරු වනාන්තර ප්‍රදේශයක කකුල් හතරේ අදාළ ජීවීන් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කණිෂ්ක උකුවෙල AFP වෙත පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ‘චිකිබිල්ලා’ නමින් සතෙක් නැහැ. මටත් සැකයි එහෙම සතෙක් ලෝකේ ඉන්නවද කියලා” යනුවෙනි.