January 7, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සිව්දෙනෙක් ඊයේ නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූහ.

මෙම ක්‍රීඩකයෝ පසුගිය වසරේ සිට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරති.

මෙම ක්‍රීඩකයන් අතුරින් කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, අශේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් පත් කර තිබේ.

පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

42.31%
17.27%
32.76%