Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන නිල සංචාරයේ කොටසක් ලෙස, බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය, වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් සමඟ ඊයේ දිනයේ (11) කිලිනොච්චියේ මූහමාලේ නැවත පදිංචි කරන ලද ප්‍රජාවන් වාසය කරන ප්‍රදේශවල සංචාරයක නිරත විය.
උතුර සහ නැගෙනහිර පළාත්වල බලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ශ්‍රී ලංකාවේ සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (IOM) ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබදව එම දූත පිරිස දැනුවත් කෙරිණි.
ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ දායකත්වය මත 2020 වර්ෂයේ පිහිටුවන ලද මෙම අරමුදල මගින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 15ක් සමඟ වැඩසටහන් 30කට පමණ සහාය ලබා දී ඇත.
අරමුදලේ සහයෝගයෙන් පුද්ගලයන් 22,500කට සාර්ථකව ආපසු පැමිණීමට පහසුකම් සලසා ඇති අතර, අධි ආරක්‍ෂිත කලාපවලින් ඉඩම් අක්කර 1,000ක් පමණ නිදහස් කර ඇති අතර, නැවත පැමිණෙන්නන් 7,500කට ප්‍රතිලාභ ලබා දී තිබේ.
එසේම, ශ්‍රී ලංකා රජයද 2024 වාර්ෂික අයවැයෙන් නැවත පදිංචි කිරීම් සඳහා රුපියල් බිලියන 02ක් වෙන්කර තිබේ.
අධි ආරක්‍ෂිත කලාප එළිපෙහෙළි කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම, අවතැන්වූවන් සහ සරණාගතයන්ට නැවත පැමිණීමට පහසුකම් සැලසීම, ජීවනෝපායන් සඳහා මූලික යටිතල පහසුකම් සහ සමාජ-ආර්ථික පහසුකම් සැලසීම ආදී කරුණු පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල සාමය ගොඩනැගීම සහ තිරසාර සංවර්ධනය පිළිබඳවත් මෙම සංචාරයේදී අවධානය යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart