Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ සුහද කතාබහකට එක්වූහ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබීය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart