April 7, 2025

තම බිරිඳ සහ සහෝදරයා මෑතකදී දූෂණ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්කිරීම හේතුවෙන් තම දේශපාලන කටයුතු අවසන් නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

දේශපාලනය සහ අනෙකුත් කටයුතුවල නියැලීමේදී අඩුපාඩු තිබිය හැකි බව ජනමාධ්‍යවේදීන් අමතමින් චන්ද්‍රසේන පැවැසීය.

ස්වාධීන ආයතනයක් වන අධිකරණයට තමා ගරුකරන බව පවසමින්, අධිකරණ තීන්දුවට එරෙහිව මහාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ගොනුකර ඇති බවත්, සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළකරන බවත් ඔහු සඳහන් කළේය.

“මම ඉතාම කනගාටුවෙන් ඉන්නේ. දේශපාලනය කරනකොට සුළු සුළු අඩුපාඩුකම් වෙනවා. සමහර අය මේ ගැන විහිලු කරනවා. අවලාද නගනවා. කොකාට වාරයක් එනවනම් තිත්තයට දෙවාරයක් එනවා. ඒවා නොදන්නා අය තමයි අපිව සමච්චලයට පත්කරන්නේ. අපිට මේවා හොඳටම හුරුයි.” ඔහු පැවැසීය.

ඔහුගේ සහෝදරයා වන උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ බිරිඳ වන ශාන්තිනි චන්ද්‍රසේන යන අයට දූෂණ චෝදනා සඳහා වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරන ලදී.

අප්‍රේල් 02 වන දින, කොළඹ මහාධිකරණය විසින් එස්.එම්. රංජිත් සහ ශාන්තිනි චන්ද්‍රසේන යන අයට අල්ලස් කොමිසම විසින් ගෙන එන ලද දූෂණ චෝදනා සඳහා වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිර ඬුවමක් නියම කරන ලදී.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරතුර, එස්.එම්. රංජිත්, ඔහුගේ පෞද්ගලික ලේකම් ශාන්තිනි චන්ද්‍රසේනගේ නිල වාහනය සඳහා ඉන්ධන වෙන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඇයගේ ඉන්ධන දීමනාව දැනටමත් ඇගේ වැටුපට එකතු කර තිබියදීත්.

චන්ද්‍රසේනගේ බිරිඳ වන ශාන්තිනි, 2012 සිට 2014 දක්වා රංජිත් මහඇමති ධුරය දැරූ කාලය තුළ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළාය.

මෙම කාලය තුළ රුපියල් 2,680,528 ක් සහ රුපියල් 5,379,623 ක් වටිනා ඉන්ධන දීමනා ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත.

මහ ඇමතිවරයාගේ නිල මෝටර් රථ දෙක සහ ආරක්ෂක වාහනයට අමතරව තවත් වාහන දෙකක් නිදහස් කරන ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇයට සහ රංජිත්ට චෝදනා එල්ල වී තිබේ.