Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයේ පවතින නඩුවකට අදාළව ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, හරිනි අමාලි කබ්රාල් විජේතුංග සහ කීර්ති රත්නායක යන අයට එරෙහිව අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනුකර ඇති බව අධිකරණ අමාත්‍යංශය ඉකුත් සති අන්තයේ නිවේදනය කර තිබිණි.
එම නිවේදනයට අනුව අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ කුලියාපිටිය ‘ඇටඹගහමුල බිම් වාසිය’ ගොඩනැගිල්ලේ හිමිකරු වන මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග දිල්රුක් නමැත්තායි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය ප්‍රකාරව දිල්රුක් ගොනුකළ පෙත්සම් තුන අධිකරණ අමාත්‍යංශය විසින් ජනමාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
කොටස් 176කින් සමන්විත ‘ඇටඹගහමුල බිම් වාසිය’ නම් ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් කුලියාපිටිය දිසා අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළ වගඋත්තරකරුවන් වූයේ කිරිබත්ගොඩ ගැමා ඉන්ටර්නැෂනල් සමාගම සහ එහි අධ්යක්ෂවරුන් දෙදෙනෙකි.
2023 සැප්තැම්බර් 20 දින විකාශය වූ ‘Truth with Chamuditha’ වැඩසටහනට පෙනීසිටි ගැමා ඉන්ටර්නැෂනල් සමාගමේ අමාලි කබ්රාල් විජේතුංග පැවසුවේ, රුපියල් බිලියන 2-4ක් වටිනා දේපළ තම සමාගමට අයත් බවත්, නඩුවට අදාළව නිකුත් කර ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් තමන් අධිකරණයට කෘතඥ වන බවත්ය.
මේ වසරේ මාර්තු මාසයේදී ලැබුණු මෙම අධිකරණ නියෝගය නොතකා කුලියාපිටිය ප්‍රදේශයේ මැරයන් ඇයට එම පරිශ්‍රයට යෑමට ඉඩ නුදුන් බවට විජේතුංග එම වැඩසටහනේදී චෝදනාකර තිබේ.
එමනිසා එම ගොඩනැගිල්ල නැවත ලබාගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාගෙන ඇති පවසා ඇති ඇය, තම මව්පියන් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා ලබාගත් නීතීඥයකු මේ වනවිට අනෙක් පාර්ශ්වයට පක්ෂපාතීත්වය මාරුකර ඇති බවත් පැවසුවාය.
කෙසේවෙතත් පවරා ඇති නීතිමය අභියෝගයට මුහුණ දීමට තමන් සූදානම් බව පවසන චමුදිත සමරවික්‍රම ප්‍රශ්නකර සිටින්නේ, මේ සඳහා අධිකරණ අමාත්‍යංශය මැදිහත් වූයේ මන්ද යන්නයි.
පෞද්ගලික නඩුවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අධිකරණ අමාත්‍යංශය විසින් ජනමාධ්‍ය වෙත මුදාහැරීමේ අවස්ථා මීට පෙර නොතිබූ බව සමරවික්‍රම පෙන්වාදෙයි.
අධිකරණ අමාත්‍යංශයට අනුව, 2023 සැප්තැම්බර් 20 වැනි දින විකාශය වූ ‘Truth with Chamuditha’ වැඩසටහන , කීර්ති රත්නායක විසින් 2023 ජුනි 23 සහ අගෝස්තු 23 යන දිනවල පළකරන ලද ෆේස්බුක් සටහන් දෙකක් සහ චමුදිත සමරවික්‍රමගේ ‘News Brief ’ වැඩසටහන පිළිබඳ පෙත්සම්කරු අභියාචනාධිකරණයට පැමිණිලිකර තිබේ.
අදාළ වැඩසටහනේදී අමාලි විජේතුංග පවසා තිබුණේ,කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කල්ලියක පුද්ගලයකු තමා ඇමතීමෙන් පසු ගනේමුල්ලේ සංජීව නමැති අයකුගෙන් තමාට තර්ජනාත්මක ඇමතුමක් ලැබුණු බවයි.
තමා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් වෙත මෙම ගැටලුව ගෙන ගියද, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවට ද එහිදී විජේතුංග චෝදනා කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිලිවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව ප්‍රකාශ කළ ඇය, විදේශ බුද්ධි අංශයක අනුග්‍රහය ඇතිව ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට ගැනීම සඳහා තමන් හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරියකුගේ සහාය ලබාගැනීමට ගත් තීරණය සාධාරණීකරණය කළාය.
කෙසේවෙතත් ගනේමුල්ලේ සංජීව සැප්තැම්බර් 13 වැනි දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේ සිට පැමිණි අවස්ථාවේදීය.
මතභේදයට තුඩු දී ඇති කුලියාපිටිය ගොඩනැගිල්ලට අදාළ නඩුවට නඩුව ඉදිරියට ගෙනයෑම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහාය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා විජේතුංග මෙම වැඩසටහනේදී පුන පුනා ප්‍රතික්ෂේප කර තිබිණි.
ඇය චෝදනාකර තිබුණේ වැඩබලන විනිසුරුවරයකු ඇතුළු කුරුණෑගල සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි නීතීඥයන් කිහිපදෙනෙකු ව්‍යාජ ඔප්පු සකස්කිරීමට සම්බන්ධ වී මෙම ජාවාරමේ කොටස්කරුවන් වී ඇති බවයි.
මෙම ජාවාරමේ මහ මොළකරුට අමතරව ව්‍යාපාරිකයකු සහ මන්ත්‍රීවරයකුද සම්බන්ධ බවට චෝදනා කරමින් ඇයගේ නීතීඥයින්ගේ උපදෙස් මත ඔවුන් නම් මේ මොහොතේ ප්‍රකාශ නොකරන බව විජේතුංග කියා සිටියාය.
ඔවුන් ද ඉදිරියේදී නම් කෙරෙනු ඇති අතර මේ මොහොතේ එසේ නොකරන ලෙසට නීතීඥයින් තමන්ට උපදෙස් දී ඇති බවද ඇය කියා සිටියාය.
ජගත් වික්‍රමනායක, රොනල්ඩ් පෙරේරා, සමන්ත ප්‍රේමචන්ද්‍ර, නිරෝෂන් සිරිවර්ධන, චමින්ද අතුකෝරළ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් තම නීතීඥ කණ්ඩායම තමාගේ නඩුව හොඳින් මෙහෙයවූ බවද විජේතුංග එහිදී පවසා තිබිණි.(The Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart