Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පැවති සාකච්ඡාවකට ශ්‍රී ලංකා සම්භවයක් ඇති ව්‍යවසායකයකු ද සම්බන්ධ වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා මගින් හෙළිවී තිබේ.
එලෙස සම්බන්ධ වී ඇති ව්‍යවසායකයා වන්නේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ආයෝජකයකු ද වන චමත් පලිහපිටියයි.
වාර්තා වන පරිදි ට්‍රුම්ප් තමන් විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගත යුතු සහායකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට ඉහළ පෙළේ ව්‍යවසායකයන් පිරිසක් සමග Silicon Valley හි රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.
එහි රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක් පුද්ගලයකුට වැයවන මුදල ඩොලර් 300,000කට ආසන්න බව සඳහන් වේ.
නිව්යෝර්ක් ටයිම්ස් පවස පරිදි එම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඩේවිඩ් සැක්ස් නම් ව්‍යවසායකයකු සහ චමත් පලිහපිටිය ඇතුළු පිරිසක් සහභාගී සිටි බවයි.
නිල නොවන මට්ටමින් අදහස් විමසීම සඳහාත් අරමුදල් රැස්කිරීම සඳහාත් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සැක්ස්, පලිහපිටිය ඇතුළු පිරිස ලබා දී තිබුණේ එකම පිළිතුරක් බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි.
එනම් ඔවුන් ට්‍රම්ප්ට ප්‍රකාශ කර ඇත්තේ “වෑන්ස් තෝරා ගන්න,” යන්නයි.
වෑන්ස් සියලු ප්‍රතිලාභ මත ක්‍රියා කරන බැවින් ඔහු සැමට යහපත් වනු ඇත යන්න ඔවුන්ගේ මතය වී තිබේ.
චමත් පලිහපිටිය යනු පළමුව කැනේඩියානු පුරවැසියකු ව සිටි අයෙකි.
ඔහුගේ පියා ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස අතීතයේ කටයුතු කර ඇත.
චමත් පලිහපිටිය සැළකෙන්නේ පවුල් පසුබිමින් නොව ස්වයංව ධනවත් වූ ව්‍යවසායකයකු ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart