May 6, 2024

ලෝක කාන්තා එක්දින ක්‍රීඩි­කාව ලෙස චමරි අත­පත්තු පසු­ගි­යදා අන්තර්ජාතික ක්‍රිකට් කවු­න්සි­ලය නම් කළ අතර, ඇයට හිමි සම්මා­නය ජගත් ක්‍රිකට් කවු­න්සි­ලය විසින් චමරි අත­පත්තු වෙත පසු­ගි­යදා ප්‍රදා­නය කරන ලදී.

පසු­ගිය වසරේ අන්තර්ජාතික එක්දින පිටියේ සියලු ක්‍රිකට් ක්‍රීඩි­කා­වන් අත­රින් දක්වන ලද සුවි­ශේෂී දක්ෂතා අනුව චමරි අත­ප­ත්තුට මේ උසස්ම සම්මා­නය පිරි­නැ­මු­වේය.

එක්දින පිති­ක­රණ ලැයි­ස්තුවේ ඉහ­ළින්ම තම ස්ථාව­රය පවත්වා ගනි­මින් හා තුන් ඉරි­යව් ක්‍රීඩි­කා­වක් ලෙස දස්කම් දක්ව­මින් ඇය දෙස් – විදෙස් ක්‍රිකට් විචා­ර­ක­යන්ගේ අව­ධා­නය දිනාගැනී­මට සමත් වූවාය.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම ඡායා­රූ­පය ද සමඟ සට­හ­නක් තබ­මින් පැවැ­සුවේ “අව­සා­නයේ මගේ සිහි­නය සැබෑවුණා” යනු­වෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම ද සිය සිහිනයක් බව චමරි පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඔවුන් මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර මේ නිසා චමරිගේ එම සිහිනය ද සැබෑ වී තිබේ.