April 10, 2025

වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාටම අත තබන්නේ නැති නමුත් ඔවුන් මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පුරසාරම් දොඩවන බව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“ලොකු මාළු අල්ලන්නේ නැතුව පොඩි මාළු ටිකක් විතරයි අල්ලන්නේ. වත්මන් ආණ්ඩුව අත්අඩංගුවට ගත්ත එකම මන්ත්‍රීවරයා මමයි,” පාර්ලිමේන්තු මන්ත්‍රී දසනායක වැඩිදුරටත් සඳහන් කළේය.

ඉලුක්පිටිය නමැති රාජ්‍ය සේවකයා හේතුවක් නොමැතිව සිරබත් කන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අතීතයේ බෙරගල කඳවුරේ ‘ගෝනීබිල්ලා’ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවද වැඩිදුරටත් සඳහන් කළේය.