April 16, 2024

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ගමන් ගනිමින් සිටි රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද අලුයම හදිසි ගිනි ගැනීමකට ලක් වී තිබේ.

රාජ්‍ය ඇමැතිවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව තිබිණි.

අද අලුයම 12.45ට පමණ මෙම ගිනි ගැනීම සිදුව ඇත.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය ඇමැතිවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුවී නැත.

ගින්නට හේතුව අනාවරණ වී නොමැති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%