January 30, 2025

පසුගිය 2024 මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබේ.

ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළිවීමෙන් පසුව එලෙස ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

මීට පෙර දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේදීද ඔහු වැඩ තහනමට ලක්විය.

මේ අතර පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම වෛද්‍ය චමල් සංජීව විසින් අනාවරණය කර තිබිණි.

එම ක්‍රියාකාරීත්වයත් සමඟ ඔහු සමඟි ජන බලවේගයෙන් ක්‍රියාකාරී දේශපාලනය එක්විය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසුමක දී වෛද්‍ය චමල් සංජීව මෙසේ පවසා ඇත.

“මම හරිම පැහැදිලිව රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීලා එළියට බැස්සේ. ඔක්තෝබර් මාසෙ හතරවන දින සිට මා රාජ්‍ය සේවය සදහා වාර්තා කර නෑ. මා තවදුරටත් රාජ්‍ය සේවයට අයත් නෑ. වැටුප් අරගෙනත් නෑ. මම රාජ්‍ය සේවයේ තවදුරටත් සේවය කළෙත් නැහැ. ඒ නිසා මෙය නිත්‍යානුකූලව අමාත්‍යාංශයේ කටයුතු කරන විදිහ. ඒ ගැන මට විවේචනයක් නෑ. පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වන අතර නැවත රාජ්‍ය සේවයට එක්වීමට සූදානම් නෑ.”

42.31%
17.27%
32.76%