November 6, 2023

අදාළ බලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් නිවැරදිව පෙන්වා දී ඇති පසුබිමක, වසර තුනක් කාලයක් ගතව තිබියදීත්, 2021 වසරේදී චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර තොගයට අදාළ වංචනික ගනුදෙනුව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) තවමත් විධිමත් පරීක්ෂණ ආරම්භ කර නොමැත.

මෙරට ප්‍රමිති නිලධාරීන් විසින් පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකාව චීනයේ Qingdao Seawin Biotech Group Ltd සමාගම වෙත වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවනු ලැබීය.

එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර කල් ඉකුත් නොවී වලංගුව තබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාවට මෙලෙස වන්දි ගෙවීමට සිදුවිය.

විගණකාධිපතිවරයාගේ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කෝප් කමිටුවට ඉදිරිපත් කෙරිණි.

කෙසේවෙතත්, තවමත් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැත.

මෙම ගනුදෙනුවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම(Colombo Commercial Fertilizers Ltd) සහ ලංකා පොහොර සමාගම(Ceylon Fertilizer Ltd) යන ආයතනවල රාජකාරි පැහැරහැරීමක් සිදුවී ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කරයි.

මේ අතර, රටට අහිමි වූ මුදල නැවත ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු ආරම්භ කරන බව මීට පෙර ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශයද, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් මෙතෙක් නිසි ලෙස පත්කර නැත.

42.31%
17.27%
32.76%