August 11, 2023

සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට මුදාහරින ජල ප්‍රමාණය අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඊයේ (10) සමනළ වැව ජලාශයේ සිට උඩවලව ජලාශය දක්වා ජලය ගෙන යන මාර්ගයේ සුළි ඇති වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රවල වේගය අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 40ක විදුලිය නිපදවා ඇති අතර, අද (11) එය තවදුරටත් අඩු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වෙතත්, සමනළ වැව ජලාශයෙන් ජලය ඝන ලීටර් මිලියන 7.5ක් උඩවලව ජලාශයට මුදාහැර ඇති අතර, මේ වනවිට සමනළ වැවේ ධාරිතාව සියයට 08%ක මට්ටමක පවතී.

සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් විසින් දියත් කළ සත්‍යග්‍රහය දින 18ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් පසු ඊයේ සිට තාවකාලිකව අත්හිටුවා ඇත.