May 10, 2024

මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර පවසන්නේ, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ආරම්භ කර ඇති පරීක්ෂණ දෙකට අමතරව ස්වාධීන විශේෂඥයන්ගෙන් යුත් යෝජිත විමර්ශන කණ්ඩායම පත් කිරීමට නියමිත බවයි.

මූලික විමර්ශනවලින් ප්‍රමාණවත් සොයාගැනීම් සිදුනොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ කොන්ක්‍රීට් කදම්භයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත වෙනම විමර්ශන කණ්ඩායමක් මාර්ග සංවර්ධන අධිකාරිය පත්කිරීමට නියමිතව ඇත.

එසේම, සමස්ත ඉදිකිරීම්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.

අර්ධ වශයෙන් ඉදිකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් පසුගිය සතියේ කඩාවැටිණි.

කඩාවැටුණු බාල්කයේ මීටර් 35 ක් පමණ විශාල වන අතර, මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වේ.

දැනට සිදුකෙරෙන පරීක්ෂණවල අපේක්ෂිත වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කොන්ත්‍රාත්කරුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

42.31%
17.27%
32.76%