December 20, 2024

බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

ඒ, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන, ශීඝ්‍රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමේ පියවරක් ලෙසය.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ බැංකු පනතේ 83ඇ(1), වගන්තියේ විධිවිධානයන් උල්ලංඝනය කරන ලද පුද්ගලයන් හෝ ආයතනයන්ට චෝදනා ගොනු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන අධිකාරීන් සමග සමීපව සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව 2011 වසරේ සිට පහත ආයතන 20ට එරෙහිව පියවර ගැනීමට සහාය වී ඇති අතර මේ වන විට තවත් විමර්ශන කිහිපයක්ම සිදු කරමින් පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රැසක් ගෙන ඇත. පුද්ගලයන් හෝ ආයතනයන් බැංකු පනතේ 83ඇ(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කර ඇත්තේද හෝ එසේ උල්ලංඝණය කිරීමට උත්සාහ කර ඇත්තේද යන්න තීරණය කිරීමට බැංකු පනතේ 83ඇ(3) වගන්තිය යටතේ විමර්ශන පැවත්වීම මෙම පියවරයන්ට ඇතුලත්වේ.

1. Tiens Lanka Health Care (Pvt) Ltd

2. Best Life International (Pvt) Ltd
3. Mark-Wo International (Pvt) Ltd
4. V ML International (Pvt) Ltd
5. Fast3Cycle International (Pvt) Ltd
6. Sport chain app, Sport chain zs society SriLanka
7. Onmax DT
8. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
9. Fastwin (Pvt) Ltd.
10. Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.
11. Ride to Three Freedom (Pvt) Ltd.
12. Qnet
13. Era Miracle (Pvt) Ltd and Genesis Business School
14. Ledger Block
15. Isimaga International (Pvt) Ltd.
16. Beecoin App and Sunbird Foundation 17. Windex Trading
18. The Enrich Life (Pvt) Ltd
19. Smart Win Entreprenuer (Private)
Limited
20. Net Fore International (Private) Limited| Netrrix

42.31%
17.27%
32.76%