February 21, 2024

නුදුරේදීම විදුලි ගාස්තු සියයට 18කින් අඩුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කළේ ප්‍රධාන වශයෙන් රටේ බලශක්ති මිශ්‍රණයේ ජල විදුලි ප්‍රතිශතය ඉහළ යෑම හේතුවෙන් මිල අඩු කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවට මෑතකදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබුණු අතර, එමගින් ප්‍රධාන බලාගාරවල විදුලි උත්පාදන ධාරිතාව ඉහළ නංවා තිබිණි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත මෙම ගාස්තු අඩු කිරීම සඳහා යළි මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ලංවිම බලාපොරොත්තුවන බව පැවැසේ.

විදුලිය ගාස්තු අවසන් වරට වැඩිකරන ලද්දේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීය.

42.31%
17.27%
32.76%