53.84%
19.85%
20.11%
September 5, 2023

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවට පැවසීය.

පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද ඇමැතිවරයා සභාවට දැනුම් දුන්නේය.

“සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමට කළින් සැලසුම් කර තිබුණත් ඒ වෙනුවට සූර්ය බලාගාරයක් ඉදිකරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

53.84%
19.85%
20.11%