Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය සිය ශ්‍රම බලකාය 18,000 දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බව ලංවිම සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ පසුගියදා අනාවරණය කළේය.
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බවයි.
විදුලිබල මණ්ඩලය ස්වභාවික වායු (LNG) බලාගාර දෙකක් ඉදිකර ඇති නමුත්, මෙරට LNG භාවිතයක් නොමැති බැවින්, ලංවිම ඩීසල් භාවිතයෙන් ඒවා ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
“අපගේ වියදම්වලින් සියයට 80ක් වැය වන්නේ විදුලිය උත්පාදනය සඳහා යෙදවුම් ලබාගැනීමටයි. අපි විදුලිය නිෂ්පාදනය කරන්නේ අධික වියදම් සහිත ඉන්ධන භාවිතයෙන්. ඒ නිසා පැහැදිලිවම අපි විදුලිය නිපදවීමට විශාල මුදලක් වැය කරනවා.” යැයි ඔහු පෙන්වාදී තිබේ.
වැටුප් සඳහා වැයවන්නේ ලංවිම වියදමින් සියයට 05ක් පමණක් බව එහිද පෙන්වාදී ඇති සාමාන්‍යාධිකාරීවරයා, ලංවිම සතුව සේවක සංඛ්‍යාව 24,000ක් පමණ සිටි නමුත්, දැන් එහි සිටින්නේ සේවක සංඛ්‍යාව 22,000ක් පමණක් බවත් අනාවරණය කර ඇත.
“සේවක සංඛ්‍යාව 18,000 දක්වා අඩුකිරීමේ සැලසුමක් තිබෙනවා. කෙසේවෙතත්, ගාස්තු අඩු කිරීමට අවශ්‍ය නම්, අපි අඩු වියදම් බලශක්ති ප්‍රභවයන් භාවිතා කර විදුලිය නිපදවිය යුතුය. දැන් හොඳම විකල්පය වන්නේ සුළං සහ සූර්ය බලයයි.” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart