September 1, 2024

ජනාධිපතිවරණයට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව ‘ද සන්ඩේ මෝර්නින්’ වාර්තා කරයි.

මෙම වැටුප් වැඩිකිරීම වෙනුවෙන් මණ්ඩලයට මසකට රුපියල් මිලියන 750ක් පමණ අතිරේකව වෙන්කිරීමට සිදුවනු ඇත.

රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් පවසා ඇත්තේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති අතර, එය හෙට (2) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ලංවිම සංඛ්‍යාලේඛනවලට අනුව මුළු සේවක වැටුප් සඳහා දැනට මසකට රුපියල් බිලියන 3ක් වැයවේ.

රජය පොරොන්දු වී ඇති රුපියල් 10,000ක අතිරේක වැටුප් වැඩිවීම මෙම වැටුප් වර්ධකයට අතිරේකව ලබාදෙනු ඇතැයිද පැවැසේ.