August 20, 2024

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ අප්‍රේල් – ජුනි කාර්තුවේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.

විදුලිබල මණ්ඩලයට අනුව රුපියල් බිලියන 34.53ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය වාර්තා වී ඇත.

මීට පෙර, ලංකා විදුලිබල මණ්ඩලය ජනවාරි – මාර්තු කාර්තුවේදී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 84.67ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය 2024 මුල් භාගයේ මුළු ලාභය රුපියල් බිලියන 119.20ක් වාර්තා කර ඇත.

2024 ජුනි කාර්තුවේ වාර්තා වූ රුපියල් බිලියන 34.53ක ශුද්ධ ලාභය 2023 ජුනි කාර්තුවේ වාර්තා වූ රුපියල් බිලියන 20.65ට සාපේක්ෂව 67.2% ක වර්ධනයකි.