Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේදී 70%කින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු බිල්පත ගෙවාගත නොහැකිව විදුලිය සිඳලූ පාරිභෝගිකයන් 100,000ක පමණ පිරිසක් යළි විදුලි සබඳතා ලබාගැනීමට නොහැකිව අසරණ වී ඇතැයි ලංවිම විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට විදුලි පාරිභෝගිකයන් හැත්තැගතර ලක්ෂයක් සිටින අතර රටපුරා විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන 270ක් තිබෙන බව ලංවීම පාලනාධිකාරිය සඳහන් කර ඇත.
මීට අමතරව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල 70ක් රට පුරා පිහිටා තිබේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගම කාර්යාල 40ක් පමණ මෙරට ඇත.
එලෙස විදුලිය විසන්ධි කළ පිරිස සම්බන්ධයෙන් තමා සතුව තොරතුරු නොමැති බව මේ සම්බන්ධයෙන් ලංවීම පාලනාධිකාරියෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් යම් විදුලි පාරිභෝගිකයෙක්ට විදුලි බිල ගෙවාගත නොහැකි වී විදුලිය සිඳලා ඇත්නම් එම
හිඟ බිල්පතින් කොටසක් ගෙවූ විට යළි සබඳතාව ලබාදීමට ලංවීම කටයුතු කරන බව ඔහු පවසයි.
එසේ වුවද හිඟ බිල්පත යම්කිසි නිශ්චිත කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට පොරොන්දු විය යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත.
ඉකුත් වසරේදී විදුලි ගාස්තු 70%කින් පමණ ඉහළ දැමීම නිසා විදුලි බිල්පත් ගෙවාදැමීමට නොහැකි වී විදුලිය සිඳලන අවස්ථා වැඩි වී තිබෙන කාරණය සත්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart