Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ආදායම්ලාභී විදුලි පාරිභෝගිකයන් සඳහා දැනටමත් 80%ක සහනාධාරයක් ලබාදෙන බැවින්, ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයන්වලදී තවදුරටත් එම කාණ්ඩයේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.
බලශක්ති ක්ෂේත්රය පිළිබඳ විද්වත් සාකච්ඡාවකට එක්වෙමින්, ආචාර්ය සියඹලාපිටිය වත්මන් සහනාධාර ව්‍යුහයේ මූල්‍ය පීඩනය පැහැදිලි කළ අතර, විදුලිබල ක්ෂේත්රයේ තිරසාර භාවිතයන් අවශ්‍ය බව පෙන්වාදුන්නේය.
“අඩු ආදායම් ලබන කුටුම්භවලට දැනටමත් 80% සහනාධාරයක් ලැබෙනවා. රුපියල් 1,000ක බිල්පතක් සඳහා ඔවුන් ගෙවන්නේ රු. 200යි”
එළැඹෙන විදුලි ගාස්තු සංශෝධනයෙන් මහජනතාවට දැනෙන ප්රතිලාභ අත්වන බවට සහතික වූ කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අඟහරුවාදා කළ ප්‍රකාශයකින් අනතුරුව ඔහු මෙම ප්‍රකාශය කළේය.
විදුලිබල මණ්ඩලය විසින් සංශෝධිත ගාස්තු යෝජනාව හෙට (6) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ බලශක්ති ව්‍යාපෘති නව පාලනය යටතේ ඉදිරියට ගෙනයෑම පිළිබඳව ද සභාපතිවරයා සුබවාදී අදහස් පළකළේය.
රජයෙන් හෝ අන්තර්ජාතික සංවිධාන වැනි බාහිර ආයතනවලින් විදුලිබල ක්ෂේත්රයට කිසිදු සහනාධාරයක් නොලැබෙන බව ආචාර්ය සියඹලාපිටිය පැහැදිලි කළේය.
ඒ වෙනුවට, ලංවිම ලාභ අපේක්ෂාවෙන් තොරව, ආදායම සහ වියදම ගැළපෙන ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වේ.
නිශ්චිත පාරිභෝගික කණ්ඩායම් සඳහා සහනාධාර ලබාදීම මෙම ප්‍රතිපත්තියේ කොටසක් වන අතර, දැනට පවතින සහනාධාර මට්ටම් තවදුරටත් වැඩි කිරීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
“අපි මේ සහනාධාර ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩු කළ යුතුයි. මෙම සහනාධාර වැඩි කළ හැකි සීමාවක් තිබෙනවා. සහනාධාරය පුළුල් කරනවාට වඩා මුල්‍යමය තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
(Daily FT)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart