Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, රංගන ශිල්පී රන්ජන් රාමනායකගෙන් ඊයේ (31 දා) පැය 2ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇතැයි වාර්තා වේ.
සිවිල් ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර නමැත්තා විසින් සිදුකළ මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය මීට ඉහතදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පැවැසේ.
රංගන ශිල්පී රන්ජන් රාමනායක කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයෙන් නිකුත් කළ ප්‍රකාශවලට අදාළ හඬපට තමන් සතු බව පවසන නාමල් පවසන නාමල් කුමාර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කාදිනල්තුමන්ගෙන් ද ඉල්ලීම් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ඊයේ පෙරවරු 11.00ට රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනීසිට ඇති අතර, දහවල් 1.00 පමණ වනවිට ඉන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නාමල් කුමාරගෙන් නැවත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart