October 8, 2023

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිසක් මොරොක්කෝව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ මොරොක්කෝවේ මරකේෂ්හි පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුලුවට සහභාගීවීම සදහායි.

හෙට සිට පහලොස්වනදා දක්වා පැවැත්වෙන සමුලුවේ දී වත්මන් ලෝකය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදය පිළිබද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටවල නියෝජිතයන් මෙන්ම තවත් සංවිධාන ගණනාවක නියෝජිතයන්ද සම්බන්ධ වේ.

 

42.31%
17.27%
32.76%