January 14, 2024

මූල්‍ය නොවන ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමේදී තොරතුරු කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නිශ්චල දේපළ නියෝජිතයන්, නොතාරිස්වරුන්, නීතීඥයන්, මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්, භාර පිළිබඳ හෝ සමාගම් සේවා සපයන්නන් හෝ ගණකාධිකාරීවරුන් සහ කැසිනෝ සමඟ ගනුදෙනු සිදුකිරීමේදී පහත තොරතුරු සපයන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.

– සම්පූර්ණ නම

– ස්ථිර නේවාසික සහ තැපැල් ලිපිනය

– රැකියාව, සේවායෝජකයාගේ නම, ව්‍යාපාරය හෝ ප්‍රධාන ක්‍රියාකාරකම්

– නිල පෞද්ගලික හැඳුනුම්පත හෝ ඔබේ ස්වයං ඡායාරූපයක් සහිත වෙනත් හඳුනාගැනීමේ ලේඛනයක්(උදා. ජාතික
හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය)

– උපන්දිනය

– ජාතිය

– අරමුදල් මූලාශ්‍රය

– ගනුදෙනුවේ අරමුණ

– දුරකථන අංක (නිවාස, කාර්යාලය හෝ ජංගම)

එසේම ලබාදුන් ඉහත තොරතුරුවල යම් වෙනස්කමක් සිදුවුවහොත් එය දැනුම්දීම ද ජනතාවගේ යුතුකමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මූල්‍ය අපරාධ අවදානමෙන් රට ආරක්ෂ කරගැනීම සඳහා නීතිමය අවශ්‍යතාවලට අනුකූලව මෙම තොරතුරු රැස් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

42.31%
17.27%
32.76%