Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් තාවකාලිකව ගොඩඒම මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මගින් ඇණහිටිය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි.
මාස ගණනාවක් පුරා පැවැති ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය මධ්‍යයේ 2022 දී ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් උච්ඡතම අවස්ථාවට එළඹිණි.
මහජන විරෝධතා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරයෙන් නෙරපා හැරීමට තුඩු දුන් හේතුවක් විය.
ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහ තියුනණු බදු ඉහළ දැමීම් ඇතුළු කප්පාදු පිළිවෙත් හඳුන්වා දී ඇති අතර ආණ්ඩු විරෝධී පෙළලපාලි දැඩි ලෙස මර්දනය කර ඇත.
“දේශීය වශයෙන්, මා දකින අභියෝගය වන්නේ පරිපාලනය කුමක් වුවත් එම ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට ගෙන යෑමයි”මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය. “ඒක වැදගත් එකක්” ඔහු පවසා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය පෙන්වා දී ඇත්තේ සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ඔහු අලුත් ධුර කාලයක් ඉල්ලා සිටින බවයි.
ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා පවසා ඇත්තේ, ඔවුන්ට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය කොන්දේසි නැවත සාකච්ඡා කිරීමට, බදු අඩු කිරීමට සහ ආහාර සහ බලශක්ති සහනාධාර වැඩි කිරීමට අවශ්‍ය බවයි.
මෙම ක්‍රියාවලිය කෙරෙහි ආණ්ඩුවේ කැපවීම දුර්වල කළහොත් මැතිවරණයෙන් පසු හදිසි ප්‍රතිපත්ති වෙනස්කම් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය ඇනහිටිය හැකි බවට ද පසුගිය මාසයේ ආසියානු සංවර්ධන බැංකුව අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යම් ප්‍රමාදයන් ආර්ථිකයට බලපෑ හැකි බවට විදේශ ණය දෙන්නන් ද අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාව මාර්තු අග වන විට එහි විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය ඇතුළු විදේශීය ණය දෙන්නන් සමඟ සහන ලබාගැනීමක් අපේක්ෂා කළ නමුත් මෙතෙක් කිසිදු ගිවිසුමක් ප්‍රකාශයට පත්කර නොමැත.(Daily Sun)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart