October 25, 2023

ගව සොරකමට පනවන දඩය රුපියල් 100,000 දක්වා ඉහළට

ගව සොරකම් සඳහා පනවන දඩය රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම සහ ඒ සඳහා වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව ඇමැති මහින්ද අමරවීර පවසයි .

ඔහු සඳහන් කරන්නේ, සත්ත්ව සුබසාධන පනත සංශෝධනයෙදී මෙම වගන්ති ඇතුළත් කරන ලෙස පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

මේ වන විට දිවයින පුරා ගව සොරකම් ඉහළ යමින් පවතින බව අමාත්‍යාංශයට වාර්තා වී ඇති අතර, දැනට පවතින සත්ත්ව සුබසාධන පනත යටතේ ගව සොරකම් සඳහා උපරිම දඩ මුදල රුපියල් 50 ,000 ක් වන බවත්, එම වරදට සිරදඬුවම් නියම කිරීමක් ගැන සඳහනක් නොමැති බවත් ඇමැතිවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ ඉල්ලීමකට අනුව සත්ත්ව සුබසාධන පනතේ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් සත්ව සුබසාධන සංගම් නියෝජිතයන් පිරිසක් සමඟ ඊයේ (24) අමාත්‍යාංශයේදී පැවැත් වූ බව ඇමැතිවරයා
වැඩිදුර සඳහන් කරයි.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදුන් එළදෙනක් පසුගිය සතියේ දී සොරකම් කර මරාදමා ඇති බවත්, දිවයිනේ වැඩිම ගව සොරකම් සිදුවන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව හෙතෙම අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%