Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පහත ප්‍රකාශය නිකුත් කර තිබේ.
“වත්මන් නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2024 ජුනි මස මුල් සතියේ පුවත්පත් කිහිපයක සහ වෙනත් සමාජ සහ විද්‍යුත් මාධ්‍යවල පළ වූ පුවත් ලිපි කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපතිවරයා cහමු වූ බවට චෝදනා කරමින් පදනම් විරහිත සිදුවීමක් මෙම ලිපිවල සඳහන් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සාගල රත්නායක සහ නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සඳහන් වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමඟ සම්බන්ධීකරණය කිරීම සඳහා නීතිපතිවරයා මෙම කමිටුවේ මූලික කාර්යභාරයක් ඉටුකරන බව එම ලිපිවල වැඩිදුරටත් සඳහන් වේ.
රාජරත්නම් මහතා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සමඟ නිරන්තර සංවාදයක යෙදී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍යක් වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සාමාජිකයන් වන අපි, මෙම නොමඟ යවන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමු.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපතිවරයා සහ නීතිපතිවරයා අතර එවැනි සංවාදයක් කිසිම අවස්ථාවක සිදුවී නොමැත.
මීට අමතරව, නීතිපතිවරයා නොබෝ දිනකින් විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීමට නියමිත බව එම ලිපිවලින් ගම්‍ය වේ.
මෙම දිගුව සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය භාවිත කරන බවට වන ප්‍රකාශය ගැන අපි මවිතයට පත්වෙමු.
2021 මැයි 26 වැනි දින නීතිපතිවරයා ලෙස පත්කරන ලද රාජරත්නම් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගිය මාස 36 තුළ අපොහොසත්වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළකිරීමට කැමැත්තෙමු.
රාජරත්නම් මහතාගේ ධූර සමයේදී කතෝලික සභාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකරන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය.
නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කිසිසේත්ම සම්බන්ධයක් නොමැති බව අපි තරයේ ප්‍රකාශ කරමු.
පාස්කු ඉරිදා ප්‍රහාරය භාවිත කරමින් සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සම්බන්ධ කර ගනිමින් ධූර කාලයක් දීර්ඝ කිරීමක් ඉල්ලා සිටීමේ ජනාධිපතිවරයාගේ අභිප්‍රාය මුළුමනින්ම හෙළාදකින බව පවසමු.
නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීම පිළිබඳ ප්රශ්නය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වෙත යොමුකළ යුතු බවට යෝජනා කරන ලිපියේ වාර්තා කර ඇති ජනාධිපතිවරයාට ආරෝපණය කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අපි දැඩි අවධානයෙන් සිටිමු.
එබැවින්, නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වගකිව යුතුය යන මෙම ප්‍රකාශය සාවද්‍ය, නොමඟ යවනසුළු සහ ද්වේෂ සහගතය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart