April 21, 2025

පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස ඇති සත්‍යය හෙළිදරව් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය තවමත් බලාපොරොත්තු වන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ පැවසූහ.

“වත්මන් ආණ්ඩුව සිද්ධිය සම්බන්ධයෙන් වඩාත් ඵලදායී පරීක්ෂණයක් පවත්වන බව අපි විශ්වාස කරනවා. එබැවින් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට සහාය දුන් අය හෙළිදරව් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සහරාන්ට ප්‍රහාර එල්ල කිරීමට සහ ප්‍රහාර පිළිබඳව පූර්ව දැනුමක් තිබූ සහ අනතුරු ඇඟවීම් නොසළකා හැර ඇති අනෙක් අයද සොයාගැනීමට අවශ්‍යයි” යැයි සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ජනමාධ්‍යයට පැවසූහ.

“නීතිපති දෙපාර්තමේන්තුව වැනි සියලුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ස්වාධීනව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙවෙනවා” උන්වහන්සේ තවදුරටත් සඳහන් කළහ.