Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් 2018 වසරේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව, ඇයට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන්, වසර පහකට අධික කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව අධිකරණයේදී අනාවරණය විය.
සිද්ධියට අදාළ විමර්ශනවල උපුටන නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත්, නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
යාපනයේදී සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතීන් අතර අප්‍රසාදය ඇති කිරීමට හෝ උසිගැන්වීමට උත්සාහ කළ බවට විජයකලා මහේෂ්වරන්ට එරෙහිව පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් ගොනු කර ඇත.
මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් කඩිනම් කරන ලෙසට ය.
2018 ජුලි 02 වැනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවීම දැකීමට තමන් කැමති බව පවසා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart