Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජතික පරීක්ෂණයක් ආරම්භ කිරීමට විදේශීය රජයන් සහ අන්තර්ජතික සංවිධාන කිහිපයක් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) යෝජනාවක් ඉදිරිපත් කිරීමට කතෝලික සභාව සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ පස්වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් මේ බව අනාවරණය කර තිබේ.
වසර පහක් ගතවී ඇතත් එම ප්‍රහාර පිටුපස ඇති කුමන්ත්‍රණය හෝ එහි මහ මොළකරුවන් හෙළිකිරීමට පසුගිය සහ වත්මන් ආණ්ඩු අපොහොසත් වී ඇති බවට කාදිනල් හිමියන් චෝදනා කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපතිවරයා බවත්, ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සිය රාජකාරිය ඉටු නොකර හුදු පණිවිඩකරුවකු ලෙස ක්‍රියාකර ඇති එවකට උතුරු කොළඹ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පොලිස්පතිවරයා බවත්, ඉන්දීය බුද්ධි අංශ සිදුකළ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා එම සංහාරය වැලැක්වීමට අපොහොසත් වූ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා බවත් කාදිනල් හිමියන් පවසා තිබේ.
එවැනි තත්ත්වයක් යටතේ සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද යන්න සම්බන්ධයෙන් කාදිනල් හිමියන් ප්‍රශ්න කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart