December 19, 2024

සත්‍ය හෙළිදරව් කරමින්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වත්මන් ආණ්ඩුව යුක්තිය ඉටුකරනු ඇති බවට තමා තුළ විශ්වාසයක් සහ ශුභවාදී හැඟීමක් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ “පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව රජය විටින් විට අපව දැනුවත් කරන” බවයි.

“රජය මෙම සංහාරය ගැන විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකරන බව පෙනෙනවා. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව ඔවුන් අප සමඟ කරන සංවාදයෙන් ඒ බව පැහැදිලි වෙනවා,” උන්වහන්සේ අවධාරණය කළහ.

“එබැවින්, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගනු ඇතැයි අපි සුබවාදීව සිටිනවා” කාදිනල් හිමිපාණෝ පැවැසුහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ධූරයට පත්වීමෙන් පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ගිය අතර එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත සොයා බලන බවට සහතික විය.

42.31%
17.27%
32.76%