August 24, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද පොළවල් සඳහා සාම්ප්‍රදායික ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වලින් සාදන ලද ඡන්ද පෙට්ටි පමණක් භාවිත කිරීමට නියමිත බව වාර්තා වේ.

එම ඡන්ද පෙට්ටි කුඩා, මධ්‍යම සහ විශාල වශයෙන් ප්‍රමාණ තුනකින් සාදනු ලබන අතර ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලබාදීමට නියමිතය.

2019 ජනාධිපතිවරණයේදී කාඩ්බෝඩ් පෙට්ටි පමණක් භාවිත කළ බවයි.

2020 මහ මැතිවරණයේදී ලී සහ කාඩ්බෝඩ් පෙට්ටි දෙකම භාවිත විය.

මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැයෙන්රු පියල් බිලියන 10ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද රුපියල් බිලියන 8කින් පමණ වියදම් අවසන් කර ගැනීම කොමිසමේ සැලසුම වී තිබේ.

අලුත්වැඩියාවන් සඳහා මුදල් ගෙවීමේ හැකියාවක් නැති බැවින් රාජ්‍ය ආයතනවලින් වාහන කුලියට ගැනීමේදී හොඳ තත්ත්වයේ තිබෙන වාහන පමණක් ලබා ගැනීමට ද ඔවුන් සැලසුම් කර ඇත.

මීට පෙර විවිධ රාජ්‍ය ආයතන අලුත්වැඩියා අවශ්‍ය වාහන එවීම හේතුවෙන් කොමිසමේ වියදමින් ඒවා අලුත්වැඩියා කර මැතිවරණයට අදාළ රාජකාරි සඳහා යොදා ගැනීමට කොමිසමට සිදුව තිබිණි.

ඡන්ද දායකයන්ගේ ඇඟිලිවල ගලවන තීන්ත ආනයනය කිරීම වෙනුවට දේශීය සැපයුම්කරුවෙකුගෙන් මෙවර ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.

මීට අමතරව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ වන ඡන්ද පත්‍රිකා සඳුදා අදාළ අධීක්ෂණ නිලධාරීන් වෙත යොමු කිරීමට ද නියමිතය.