January 11, 2024

නළ ජලයට වඩා බෝතල් කළ වතුර සෞඛ්‍යයට අහිතකර යැයිද, ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකා කාරක අංශු 240,000ක් අඩංගු යැයිද අමෙරිකාවේ කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කළ නවතම පරීක්ෂණයක් ඔස්සේ හෙළිදරව් කර ඇත.

එක් ප්ලාස්ටික් ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 ප්‍රමාණයේ සිට 400,000 දක්වා පවතින අතර එහි සාමාන්‍ය විශ අංශු පරිමාණය අංශු 240,000 බවත්, මෙම පරීක්ෂණය ද්විත්ව ලේසර් කිරණ සහිත අණ්වීක්ෂ ඔස්සේ කළ විශේෂ පරීක්ෂාවකින් තහවුරු කළ බවත්, කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිස පවසති.

මේ අනුව, ප්ලාස්ටික් බෝතලයකින් වතුර පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුළත් වී එහි පිළිකාකාරක අංශු ලේවලට එක්වී සිරුරේ සියුම් සහ වැදගත් අවයව සඳහා අහිතකර බලපෑමක් කරන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.

නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විසකර රසායනික ප්‍රභේදයක් බවත්, මෙම අංශු ඉතා ඉක්මණින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් සහිත බවත්, ඔවුහූ පෙන්වා දෙති.

මේ අනුව, ප්ලාස්ටික් බෝතල්වල අඩංගු එම අහිතකර අංශු මිනිස් සිරුරේ රුධිර සෛලවලට සහ ඉන්පසු මොළයට ඇතුළත් වී පිළිකා, මඳසරු බව සහ උපත් ආබාධ ඇති කරන බව කොළොම්බියා සරසවියේ පර්යේෂක විද්‍යාඥ නයිසින් කිආන්(Naixin Qian) ප්‍රමුඛ මෙම විද්‍යාඥයෝ පවසති.(මව්බිම)

42.31%
17.27%
32.76%