Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තම ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති ප්‍රසන්න රණතුංග කියාසිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයකු බවත් පක්ෂය විනාශ වනු දැකීමට තමාට අවශ්‍ය නොවන බවත්ය.
එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට තමන් සූදානම් නැති බවද ඔහු සඳහන් කළේය.
අරගලයෙන් පසු රටේ නීතිය හා සාමය ඇති කර ආර්ථිකය ගොඩනැගූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්කළ යුතු බව තමාගේ පෞද්ගලික ස්ථාවරය බව පාර්ලිමේන්තු ඇමැති රණතුංග පැවසීය.
එබැවින් සෑම කෙනකුම ඔහුට ගරු කළ යුතු බවත්, කෙසේවෙතත් සුදුසු අවස්ථාවක පක්ෂය සුදුසු තීරණයකට එළැඹෙන බවත් ඔහු පැවැසීය.
රණතුංග ඇමැතිවරයාගේ ස්ථාවරයට ඔබත් සහය දක්වන්නේ දැයි විමසූ විට තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වනතුරු සහය දැක්වීමට තීරණයකට එළැඹ ඇති බවත්, රණතුංග ඇමැතිවරයාගේ අදහස් එම තීරණයට අනුකූල බවත්ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ මන්ත්‍රීවරුන් ආණ්ඩුව තුළ ඇමැති ධුර දරන අතර ඔවුන් තවදුරටත් ජනාධිපතිවරයාට සහාය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි පැවසීය.
කෙසේවෙතත් ආණ්ඩුවේ තීරණය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය එකක් නොවන බව පැවසූ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට මුහුණදීමට බිය නොවන බව යළිත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ නම අනාවරණය නොකිරීමට හේතුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් බව අවධාරණය කළ මන්ත්‍රීවරයා කියාසිටියේ සතියක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart