November 14, 2024

අදට යෙදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය මධ්‍යයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවීම සාමාන්‍ය තත්වයක් නොවන බව දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැනුම්දීමකින් තොරව රියදුරන් හා රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්වයට හේතුවී තිබේ.

රියදුරු හා රියදුරු සහයකයන් නොමැති වීමෙන් අද දින දුම්රිය ගමන් වාර 33ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇත්තේ, රියදුරු හා රියදුරු සහයකයන් සේවය සඳහා වාර්තා නොකිරීම හේතුවෙනි.

මේ වන විට තවත් රියදුරන් හා රියදුරු සහායකයන් සේවයට නොපැමිණීම මත අද දිනය තුළ තවත් දුම්රිය ගමන් වාර 23ක් අවලංගු කිරිමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 13ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ 06ක් හා කැලණිවැලි මාර්ගයේ 06ක් ලෙසින් දැනට අද දින තුළ දුම්රිය ගමන් වාර 33 ක් අවලංගු වේ.

42.31%
17.27%
32.76%