September 5, 2024

ජනාධිපති අපේක්ෂකයන්ට වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් බව ජාතික මැතිවරණ කොමිසම පැහැදිලි කර ඇති අතර එය නීතිවිරෝධී බව අවධාරණය කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ එවැනි ක්‍රියා නීතිවිරෝධී පමණක් නොව සදාචාර විරෝධී ද වන බවයි.

“එය නීතිවිරෝධී පමණක් නෙවෙයි සදාචාර විරෝධී ද වෙනවා. මෙම අපේක්ෂකයන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව මහජනතාව දැනුවත්. ඒ නිසා ඔවුන් පිළිබඳව මහජනතාව තමන් විසින්ම තීරණය කළ යුතුයි”.

ඔහු අවධාරණය කළේ ඡන්දදායකයන් අපේක්ෂකයන් පිළිබඳව ඔවුන්ගේම විනිශ්චයන් කළ යුතු බවයි.

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කනස්සල්ල පළකළ අතර, එය දැනට ක්‍රියාත්මක තැපැල් ඡන්ද ක්‍රියාවලියට එය බලපෑම් එල්ල කළ හැකි බව සඳහන් කළේය.