Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවක වදය වැළැක්වීමේ පියවරක් ලෙස රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කිරීමට රජය ගත් තීරණය විශ්වවිද්‍යාල සිසුන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අතර කැලඹීමක් ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි.
නේවාසිකාගාරවල නවකවධය වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් වෙත නියෝගකර ඇතැයි පසුගිය දා වාර්තා වී තිබිණි.
කෙසේවෙතත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් චෝදනා කරන්නේ, ආණ්ඩුවේ හැසිරීමට එරෙහිව ඉදිරියේදී ඇති වීමට නියමිත ශිෂ්‍ය නැගිටීම්වලට බාධාකිරීම සඳහා මෙලෙස වැඩපිළිවෙළක් දියත් කර ඇති බවය.
නවකවධයට මුවා වී විවිධ චෝදනා මත විශ්වවිද්‍යාල සිසුන් පාලනය කිරීම රජයේ අරමුණ බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ මෙම පියවර ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ එම වැඩසටහනේ කොටසක් බවත් ඔහු කියා සිටියි.
“ආණ්ඩු සද්භාවයෙන් මේක කරනවා නම් සිසුන්ගේ නේවාසිකාගාරවලට එබිකම් කරනවා වෙනුවට නවකවධය වැළැක්වීමට නීති ගෙන එන්න තිබුණා. මෙය සිසුන්ගේ පෞද්ගලිකත්වය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කිසිවිටකත් සිසුන්ට හිරිහැර කිරීමට කිසිවෙකුට ඉඩදෙන්නේ නැහැ.” යනුවෙන් මේ සම්බන්ධන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, එවැනි ක්‍රියාමාර්ගයකින් නවකවධය වැළැක්විය හැකි යැයි තමන් විශ්වාස නොකරන බවත්, එමගින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනවශ්‍ය කැලඹීමක් ඇති විය හැකි බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද ප්‍රකාශ කර තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේ සිසුන්ගේ නිදහසට හිරිහැරයක් වන සහ නිදහස උල්ලංඝනය කිරීමක් වන එවැනි පියවරකට තම සම්මේලනය සහාය නොදක්වන බවය.
මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 05 දක්වා ශිෂ්‍ය නේවාසිකාගාර තුළ නවක වදය බහුලව සිදුවන බවට ලැබුණු තොරතුරක් මත මෙම තීරණය ගත් බවත් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නවකවද සිදුවීම් පහළ ගොස්ඇති බවත් රාජ්‍ය ඇමැති රාඝවන් ප්‍රකාශ කරයි.
2020 වසරේ මාර්තු 05 වැනි දින, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් සඳහා සංවිධාන කර තිබූ සාදයක් අතරතුරදී කළමනාකරණ පීඨ සිසුවකු මාරාන්තික තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන පෙත්සමක් අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ලබා දී තිබිණි.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහිදී විශ්වවිද්‍යාල පරිපාලනයට වැඩිදුරටත් නියෝග කර තිබුණේ මාරාන්තික තුවාල ලැබූ පෙත්සම්කරු ඇතුළු පළමු වසරේ සිසුන්ට වසර තුනකට පෙර නවකවධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart