Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, රට තුළ ආර්ථික බංකොලොත්භාවය ඇතිවීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අද කැඳවා තිබේ.
2023 ජූලි මාසයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සොයා බලා සුදුසු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම තේරීම් කාරක සභාව පත්කරන ලදී.
එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ය.
අද දිනයේ සාක්ෂි දීමට කබ්රාල් සහ අබේවර්ධන කැඳවා ඇති බවත්, ඉදිරියේදී තවත් සාක්ෂිකරුවන් රැසක් සාක්ෂි දීමට කැඳවන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
“ආර්ථිකය බංකොලොත් වූ බව කියන අවස්ථාවේ කබ්රාල් මහ බැංකු අධිපතිවරයා වූ අතර, ඒ නිසා ඔහු ලවා අදාළ පැහැදිලි කිරීම් සිදුකිරීම ඉතා වැදගත්. ඊට අමතරව රට බංකොලොත්භාවයට ගෙන යාම නීතිවිරෝධී බව වජිර අබේවර්ධන අවධාරණය කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ මතයේ පදනම ඔහුගෙන් පැහැදිලි කර ගන්න.” යැයි සභාපතිවරයා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහුපවසන්නේ, තේරීම් කාරක සභා සාමාජිකයන් ලෙස පත්කර ඇති විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාරක සභාවේ සැසිවාරයට නොපැමිණෙන නමුත්, ඔවුන්ට (විපක්ෂ මන්ත්‍රීවරුන්ට) කබ්රාල්ගෙන් සහ වෙනත් සාක්ෂිකරුවෙකුගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart