April 24, 2024

මෙරට දෙවැනි විශාලතම අන්තර්ජාතික ගුවන් තොටුපළ වන මත්තල ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය පැවරීම පිළිබඳ යෝජනාවක් මේ සතියේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

මේ සතිය අගදී පැවැත්වීමට නියමිත මීළඟ රැස්වීමේදී සළකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව දැනටමත් ඉදිරිපත් කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 307ක චීන ණය ආධාරයකින් ඉදිකළ ගුවන් තොටුපළ මේ වන විට දැඩි පාඩු ලබමින් තිබේ.

එය පිහිටා ඇති මත්තල ප්‍රදේශය දැන් රටේ නව වාණිජ හා ප්‍රවාහන මධ්‍යස්ථානය බවට පත්වීමට අදහස් කරන හම්බන්තොටට ආසන්නය.

මෙම ගුවන් තොටුපළ දැනට රුසියාවෙන් සහ ඇතැම් මධ්‍යම ආසියාතික රටවල සිට වරලත් සංචාරක ගුවන් ගමන් හැසිරවීමට භාවිත කරයි.

42.31%
17.27%
32.76%