March 11, 2025

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවැසීය.

කෙසේවෙතත් මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැතිවරයකුවන ටිරාන් අලස්ගේ නිවෙසේ නිවෙසේ සැඟවී සිටින්නේදැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, එවැන්නක් පිළිබඳව තමා නොදන්නා බවයි.

දේශබන්දු තෙන්නකෝන් පොලිසියට භාරවීමට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීම පොලිසියේ අරමුණ බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.