March 26, 2024

කෘෂිකාර්මික කටයුතු සඳහා විදුලිය භාවිත කරන උතුරු පළාතේ ගොවීන්ගේ විදුලි ගාස්තු අඩුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.

උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතුවල සියලු කටයුතු දැඩි පරිශ්‍රමයකින් සිදුකිරීමට එම පළාතේ ජනතාව දක්වන කැපවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශවලට වෙන්කරන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට වෙන්කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ඇමැතිවරයා පවසයි.

“වසර 30ක් පැවැති යුද්ධයෙන් උතුරු පළාතේ ජනතාව පීඩා වින්දා. ඒත් ඒ කරදර මැද්දේ වුණත් ගොවිතැන අත්හැරියේ නැහැ. ඒ නිසා උතුරු පළාතේ ගොවීන් තම කෘෂිකාර්මික කටයුතු සඳහා විදුලිය භාවිත කිරීමේදී යම් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන විදුලි ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%