September 12, 2024

ඇමැති මණ්ඩලය විසින් ගනු ලැබූ මෑත කාලීනව ගනු ලැබූ ඇතැම් තීරණ මගින් එක් අපේක්ෂකයකුට පැහැදිලි සැළසෙන බව පෙනීයෑම නිසා මැතිවරණ කොමිෂන් සභාව බරපතළ කණස්සල්ල පළ කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර ඇත්තේ ඇමැති මණ්ඩලය විසින් ගනු ලබන කිසිදු තීරණයක් නතර කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

“කෙසේවෙතත්, ඇතැම් තීරණ කල්දැමීමට නිර්දේශ කරමින් ඇමැති මණ්ඩලය විසින් මෑතකදී ගත තීරණ සම්බන්ධයෙන් කොමිෂන් සභාව සිය කණගාටුව පළ කළා. නිදසුනක් වශයෙන්, සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක විශේෂ මාසික දීමනාවක් අනුමත කිරීම එවැනි කරුණක්. ඔක්තෝබර් මාසයෙන් පසු එය ක්‍රියාත්මක කරන ලෙස කොමිසම රජයට බලකර සිටියා” යනුවෙන් සභාපතිවරයා පවසා තිබේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට වඩ වඩාත් යටහත් ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය විවේචනයට ලක්ව ඇත.

මැතිවරණ නිරීක්ෂකයන් විසින් පෙන්වා දී ඇත්තේ අදාළ යෝජනා මගින් නිශ්චිතව එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කෙරෙන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරන ක්‍රියාවක් ලෙස සළකමින් මෑත කාලීන කැබිනට් අනුමැතිය හෙළාදකින ලදී.